Pages

Thursday, December 29, 2011

ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට

ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට 
අපේ දුක හැමදාම බන්දුලට අමතකද? 
බිඳ දමා මගෙ හීනේ 
ඇයිද ඔබ ෆන් ගන්නේ 
මට දෙන්න බුදු මාමේ 
ප්‍රතිඵලය පෙර වාගේ... 



රෑ දිවා නිදි මරා පොත මතම දැඟලිල්ල 
බිඳදමා කුඩුවෙලා උඹට නෑ තේරෙන්නේ 
ඇද්ද තෝ කරගත්තා, අහනවා පොත් මාගේ 
මට දෙන්න බුදු මාමේ 
ප්‍රතිඵලය පෙර වාගේ... 

මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ අනුර. 
හැහ්... මම? 
මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ SB. 
අඩෝව්... කවුද යකෝව් මේ මම? 
මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ ම් ම්ම්...ආ...ම් 
කවුද? කවුද? 
කන්නන්ගර 

ලංකාවෙ දෙදහසට, තුන්දහට දිස්ත්‍රික්කේ 
බලනවා, බලනවා එකම එකමයි එන්නේ 
ජාමිතිය අප්සැට්ලු, කියනවා සුදු බණ්ඩේ 
මට දෙන්න බුදු මාමේ 
ප්‍රතිඵලය පෙර වාගේ... 

අපේ ආදර කතාවට නමක් නැද්ද පවන්??? 

මොකෝ නැත්තෙ? "ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය" 
උඹෙයි මගෙයි ආදරේ වගේ තමා, දවසින් දවස වලපල්ලට. 
මම මේ රැවුල ගිනිඅරන් ඉන්නකොට මේකිත් එනවා පෙට්‍රල් ගහන්න... 


උපුටා ගැනීම : aniwarathe.blogspot.com