Pages

Monday, December 26, 2011

කෙඩෙට් නිලධාරින්ගේ විසිරයාමට මාලදිවයින් ජනපති පැමිණේ


Sri Lanka Military Academy logo
දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය මඟින් පවත්වනු ලබන කෙඩෙට් නිලධාරි පාඨමාලා පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරින්ගේ විසිරයාම හා අධිකාරියට පත්කිරීමේ උත්සවයක් මාලදිවයින් ජනපතිගේ ප්‍රධානත්වයෙන් 27 වැනි දා පෙරවරු 9.00ට දියතලාව යුද හමුදා විද්‍යාපීඨ සරඹ භූමියේ දි පැවැත්වේ.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය මඟින් පවත්වනු ලබන අංක 72, 72-B, SC 18 C ස්වේච්ඡා 50 සහ කාන්තා නිලධාරි පාඨමාලා අංක 10 යටතේ පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරින්ගේ විසිරයාම හා අධිකාරියට පත්වීම එහි දී සිදු කෙරෙනු ඇත.