Pages

Saturday, December 17, 2011

හාර්ට් බැක් සංගීත කණ්ඩායමේ තිදෙනෙකුට මරු කැඳවූ මාරක රිය අනතුර


හලාවත - පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුවප‍්‍රදේශයේදී අද (17) අලූයම සිදුවූ රිය අනතුරකින්හලාවත 'හාර්ට්බැක්'  සංගීත කණ්ඩායමේතරුණයන් තුන් දෙනෙකු මිය ගොස් තවත් 7දෙනෙකු බරපතල තුවාල ලබා ඇතහලාවතආරච්චිකට්ටුවෙදි අද(17)පාන්දර 3ට පමණ වෑන්රථයක් සහ ලොරි රථයක් 
මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතිබව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියි.

ලොරි රථයේ රියදුරු සහ සහායක ද තුවාල ලබා ඇති අතර  තුවාල ලැබූ අනෙක් පස් දෙනාවෑන් රථයේ ගමන් ගත් සංගීත කණ්ඩායම් සාමාජිකයෝ වෙතිතුවාලකරුවන් සියලුදෙනාහලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.'හාර්ට්බැක්සංගීත කණ්ඩායම පුත්තලමේ විවාහමංගල්‍ය උත්සවයකට සංගීතය සපයන්නට ගොස් එමින්  සිටියදී මෙම අනතුර ලක්වීඇත.මියගිය  තරුණයන් තිදෙනා  හලාවත අලූත්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ය.ඔවුන්තම්බෝව ප‍්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවවාර්තාවේ.