Pages

Thursday, December 29, 2011

විමල් හා චම්පික ආණ්ඩුවට එරෙහි වෙයි ?


ආණ්ඩුවට එරෙහි සටන් පාඨ විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන අතට පත් වීමට ඉඩ නොතබා එවැනි විරෝධතාවයන් අතට ගෙන දියකර හරින්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විමල් වීරවංස හා චම්පික රණවක යන අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබේ.
එවැනි සටන් පාඨ තෝරා ගැනීමේදී ගැටුමක් ඇති නොවන පරිදි ෙක‍ෂ්ත්‍ර වෙන් කරගන්නැයි පවසා ඇති ජනාධිපතිවරයා, මෙවැනි දේ සම්බන්ධයෙන් ප්‍රචාරක කටයුතුවලදී, පෞද්ගලික මාධ්‍ය යොදා ගන්නා ලෙසද උපදෙස් දී තිබේ.

ඒ අනුව විමල් වීරවංශ අමාත්‍යවරයා අධ්‍යාපන ෙක‍ෂ්ත්‍රය සම්බන්ධයෙන්ද චම්පික රණවක අමාත්‍යවරයා ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන්ද වන ෙක‍ෂ්ත්‍ර ඛෙදා ගෙන තිබේ.
මෙම ෙක‍ෂ්ත්‍ර සම්බන්ධයෙන් පවතින ගැටලූ පාදක කරගනිමින් ජනවාරි මාසයේ මුල් සතියේ සිට 'ආණ්ඩුවට එරෙහි' ජාතික හෙළ උරුමයත්, ජාතික නිදහස් පෙරමුණත් ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

Source : lankanewsweb.com