Pages

Monday, January 9, 2012

උගත්පාඩම් නිර්දේශ ජනාධිපතිවරණයකින් පසුවට


උගත්පාඩම් කොමිසමේ නිර්දේශ තමාට ක‍්‍රියාත්මක කළ හැක්කේ ඉදිරි ජනාධිපතිවරණයකින් පසුව බව ජනාධිපතිවරයා ඔහුගේ සමීපතම හිතවතුන් කිහිප දෙනෙකු සමග පසුගිය දා ප‍්‍රකාශ කර තිබේ. තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව පවසා ඇති ජනාධිපතිවරයා, ජාත්‍යන්තර බලපැම් මත කටයුතු කර සිංහල බෞද්ධ ඡුන්ද පදනම නැතිකර ගැනීමට නොහැකි බවත්, ඉන්දියාව කොතෙක් බලපෑම් කළද 13වන සංශෝධනය එම ජනාධිපතිවරණය අවසන්වනතෙක් ක‍්‍රියාත්මක නොකරන බවටත් අවධාරණය කර තිබේ.


ජනාධිපතිවරයා සමග සුහද හමුවකදී රජයේ ප‍්‍රධාන මූල්‍ය ආයතනයක සභාපතිවරයෙකු උගත් පාඩම් කොමිස්ම වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරියේදී ගනුලබන ක‍්‍රියාමාර්ග පිළිබදව කළ විමසීමේදී ජනාධිපතිවරයා එම කාරණා සඳහන් කර තිබේ.

අනතුරුව එම සභාපතිවරයා රාජ්‍ය ආයතනයක ප‍්‍රධාන ධූරයක් දරන තම පුත‍්‍රයාට පවසා ඇත්තේ 2015 වසරේදී ජනාධිපතිවරණයකට මුහුණදිමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අදහස් කර සිටින බැවින් ඊට අවශ්‍ය පරිදි ඔහුගේ දේශපාලන කටයුතු තීන්දු කරන ලෙසයි.






Source : lankanewsweb.com