Pages

Wednesday, March 7, 2012

ගොවි ඇමතිවරුන්ගෙන් ජොනීට කුනු බැනුම්


වී අස්වනු නෙලාගනිමින් සිටින මෙම වකවානුවේ වී ගොවීන්ගේ අසවනු මිලදී ගැනීමට නිශ්චිත වැඩපිලිවෙලක් මෙතෙක් ක‍්‍රියාත්මක කර නැතැයි කියමින්, ඊයේ (06) පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා බරපතල විවේචනයට ලක්වී තිබේ.


ආණ්ඩු පක්ෂ රැස්විම අද පැවතියේ අග‍්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙනි. එහිදී ලබන බ‍්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂය විසින් වීගොවීන් මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභාව කල්තබන විවාදයක් ඉල්ලා ඇතැයි දැනුම්දී ඇති අතර ඒ සම්බන්ධයෙන් දියයුතු පිලිතුරු පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. 


එහිදී අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ මොනරාගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි නියෝජ්‍ය අමාත්‍ය විජිතමුණි සොයිසා යන මහත්වරුන් වී ගොවීන් මුහුණ දී ඇති වත්මන් අර්බුදය පිළිබදව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති අතර ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිසි ආකාරය මැදිහත් නොවීම ඔවුන්ගේ දැඩි විවේචනයට ලක්වී ඇත. එසේම එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවට එරෙහිව තමන්ට කතාකල නොහැකි බවද ඇමතිවරු කිහිප දෙනෙකුම මෙහිදී දැඩි ලෙස ප‍්‍රකාශ කර තිබේ.



Source - lankanewsweb.com