Pages

Thursday, March 15, 2012

බැසිල් ගේ පුතු යුග දිවියට


ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හා ජනාධිපතිතුමාගේ කනිටු සොයුරු වන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ හා පුෂ්පා රාජපක්ෂ යුවලගේ පුත්‍රයා වන අසංක විරාජ් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවර පසුගිය 05 වනදා යුග දිවියට එළඹ ඇත.

එරට වෙසන ශ්‍රී ලාංකික යුවලකගේ දියණියක් හා අසංක විරාජ් අතිනත ගත් බව වාර්තා වේ.මේ විවාහය නිමිත්තෙන් මෙරටදී ගනු ලබන සාදය ලබන සතියේ කොළොඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.

එය පවුලේ ඥාතීන්ට පමණක් සීමාවූ චාම් උත්සවයක් ලෙස පැවතීමට සැලසුම් කර ඇත.