Pages

Saturday, March 24, 2012

මර්වින්ගේ පුත් මාලක සිල්වා දේශපාලනයට?


බොහෝ දෙනා බලාසිටින්නේ මර්වින් සිල්වාගේ දේශපාලන ගමනේ අවසානය ගැනය.මර්වින්ට එරෙහිව කැලණියෙන්ම කැරැල්ලක් මතුවූ විට ඇතැමෙක් කිවේ මෙයනම් "මර්වින්ගේ අවසානයි" කියාය.

නමුත් අළු දුලි ගසා දමා මර්වින් යලිත් නැගිට තිබේ.වැසි තිබුණු කට නැවතත් ඇරි තිබේ.ඒ අතරම පළමු වතාවට තමාගේ පුතා වන මාලක සිල්වා දේශපාලන රැස්වීමකදී ජනතාවට හදුන්වා දීමද සිදුකරන ලදී.

මර්වින්ට අනුව මර්වින්ගෙන් පසුවත් කැලණියට නම් නිදහසක් නැත.ඉන්පසු උදාවන්නේ මාලක සිල්වාගේ කාලයයි.ඒ සඳහා මර්වින් කියුවාක් මෙන් "මම වගේ කොල්ලෙක්" මර්වින් විසින් හදා ඇත.

ඒ පිලිබඳ මෙයට පෙර අනන්තව අප වෙබ් අඩවිය තුලින් හෙළිකර ඇත්තෙමු.රුසියානු ගණිකාවක් ඉල්ලා හඬා වැටීමට තරම් බොළඳ වූ මාලක සිල්වා ගැනත් ඔහුගේ එක්ස්ටසි මත්ද්‍රව්‍යය ඒකාධිකාරය ගැනත් මෙයට පෙර අප ලිපි මගින් හෙලිකලා.
පහතින් දැක්වෙන්නේ මර්වින් සිය පුතු හදුන්වා දුන් ආකාරයයි.
"මේ කඹරයොන්ට මාව ගම්පහින් කැලණියෙන් පිටත් කරන්න බැහැ. ඒක තමයි මම වගේ කොල්ලෙක් හදලා තියෙන්නේ අද තමා මේ පුතාව හඳුන්වා දෙන්නේ, මං මේ කැලණිය නොබියව භාර දෙන්නේ නොබියව මම කැලණිය දාලා යන්නේ නැහැ.
මම දන්නවා සමහර කොළඹ ඉන්න කුඩුකාරයෙක් දෙන්නෙක් මේ පැත්තේ ඉන්නවා. මං නොදන්න චණ්ඩි නෑ. සෙවලයෝ ඉන්නේ හැබැයි මට ජීවිත හානි කරන්න මගේ ජීවිත හානි වෙන්න මං බය නැහැ මගේ ජීවිත හානි වුණොත් මාගේ පුතා මගේ දුව මගේ බිරිඳ ඒ ගොල්ලො පණ පිටින් ඉන්නවා"






Source: http://www.gossip9.com/2012/03/blog-post_9766.html#ixzz1q3k9qCBO