Pages

Tuesday, March 6, 2012

ජිනීවා ගිය මාධ්‍ය ලොක්කෝ ගනිකා මඩම්වල


ඇමරිකාව විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලූව වෙත ගෙන ඒමට නියමිත යෝජනාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකීය ජනතාව දැනුවත් කිරිම සඳහා යැයි කියමින් පසුගිය දා ජිනීවා රැුගෙන ගිය මාධ්‍ය නඩයේ සිටි ප‍්‍රභලයින් දෙදෙනකු එරට ගනිකා රාත‍්‍රී සමාජ ශාලාවකට ගොස් සිටියදී ඔවුන්ගේ මුදල් පසුම්බිද අහිමි කරගෙන ඇති බව ජිනීවා නුවරින් වාර්තා වේ.
ශ‍්‍රී ලාංකීය නියෝජිත කණ්ඩායමේ අනෙකුත් සියලූ දෙනාට හොර රහසේ මෙම මාධ්‍ය ප‍්‍රධානීන් දෙදෙනා එම රාත‍්‍රී සමාජ ශාලාවට ගිය අවස්ථාවේ කිසියම් පිරිසක් විසින් ඔවුන්ට තර්ජනය කොට මුදල් පසුම්බි පැහැරගෙන ගොස් තිබේ.


එහිදී මුදල් පසුම්බිවල තිබූ මුදල් වලට අමතරව ශ‍්‍රී ලාංකීය ජාතික හැඳුනුම්පත සහ ක්‍රෙඩිට්කාඞ් පත්ද ඔවුන්ට අහිමිවී ඇත. එහෙත් ඔවුන් දෙදෙනා විසින් ශ‍්‍රී ලංකා නඩයේ පිරිසට පවසා ඇත්තේ, එල්.ටී.ටී.ඊ පිරිසක් විසින් තමන්ට තර්ජනය කොට මුදල් පසුම්බි උදුරාගෙන ගිය බවයි.

වහාම මේ පිළිබදව පොලීසියට පැමිණිලි කරන ලෙස තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අදාල මාධ්‍ය ප‍්‍රධානීන් දෙදෙනාට උපදෙස් දී ඇතත් ඔවුන් එයට මැලිකමක් දක්වා ඇත. ඇමරිකාවට එරෙහි ශ‍්‍රී ලාංකීය ජිනීවා මෙහෙයුමට නියෝජිතයින් පනස්දෙදෙනකු සහභාගී වූ අතර ඔවුන් සියලූ දෙනාම පාහේ වැඩිකාලයක් ගතකරනු ලැබ ඇත්තේ සාප්පු සවාරියාම සඳහාත් රාත‍්‍රී සමාජ ශාලාවල ගතකිරීමටත්ය.



Source - lankanewsweb.com