Pages

Thursday, March 22, 2012

ජෝන්ට එරෙහිව ජනාධිපතිගෙන් විපක්ෂයට ලිපිගොනු ?


තමන්ට එතරම් අවනත නොමැති මැති ඇමතිවරුන් අවනත කරගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලූත් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. අදාල ඇමතිවරුන්ගේ වංචා දූෂණ මෙන්ම පෞද්ගලික ජීවිතයේ රහස්‍ය කරුණුද පෞද්ගලික මාධ්‍යවලට ලබාදී ඇත්තේ ජනාධිපතිවරයා විසිනි.
ශ‍්‍රී ල.නි.ප මහලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දිගින් දිගටම පහරදීම සඳහා අදාල මාධ්‍යවේදීන්ට ලිපිගොනු හා වෙනත් වරප‍්‍රසාද ලබාදුන් ජනාධිපතිවරයා, මේ වනවිට රත්නපුර සන්ධාන නායක ජෝන් සෙනවිරත්න මහතාට එරෙහිවද මඩ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙම ඇමතිවරුන්ට පහරදීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙහෙයවන පුවත්පත් කිහිපයක්ම කටයුතු කරමින් සිටී.


Source - lankanewsweb.com