Pages

Sunday, April 1, 2012

ගබ්සා නීතියට කතෝලික සභාවේ විරෝධය


ශ්‍රී ලංකාවේ පවතින යල්පැන ගිය ගබ්සා නිතිය වෙනස් කිරීමේ වැයමක් පිලිබදව වාර්තා අප ඔබට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ දැනට පවතින නිතිය අනුව ගබ්සාවක් සිදුකල හැක්කේ අදාල කළලය දරා සිටින මවගේ ජිවිතයට අනතුරක් සිදුවෙනවානම් පමණි. 

එනමුත් නිත්‍යානුකූල නොවන අයුරින් දිනකට ගබ්සා කිරීම් සිය ගණනක් සිදුවන අතර එමනිසා ගැබිණි මව්වරුන් මියයාමේ සිදුවීම්ද වාර්තා උනා.කෙසේ වෙතත් අඩු වයසේ දැරිවියන් දුෂණයට ලක්වීම වැනි කරනා වලදී ගබ්සා කිරීමට හැකිවන අයුරින් නීති යාවත්කාලීන විය යුතු බව ඇතැමුන් පවසනවා.

මේ අතර මෙම නීති ගෙන එන්නේ ජනතා අදහස් විමසීමෙන් පසුව බව රජය පැවසුවත් මෙම නීතිවලට කතෝලික සභාව විරෝධය පළකරනවා. පසුගියදා මාධ්‍යයට අදහස් දක්වමින් කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් හිමියන් කියා සිටින්නේ " අපේ ප්‍රතිපත්ති පාවාදීම වැරදියි. ඒක අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. ආගම අනුව බැලුවත් ජීවිතය තමයි වටිනාම දෙය " කියාය.






Source: http://www.gossip9.com/2012/04/blog-post.html#ixzz1qlwXZcus