Pages

Sunday, April 15, 2012

නයනට "අක්කා" ඇලජික් වෙලා


ප්‍රසිද්ධ නිලියක් හට "මැඩම්" කියා නොඇමතීම නිසා ප්‍රාදේශීය ලේකම් වරියක්ව තම සේවා ස්ථානයෙන් මාරු කරවීමේ පුවතක් මීට කලිනුත් වාර්තා උනා. ඒ ගීතා කුමාරසිංහ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් තුමිය වන අනූෂා බටවල ගමගේ මහත්මියව තම දේශපාලන බලය යොදා ගනිමින් කල මාරු කිරීමයි.

තවත් එවැනිම මන්දමානසික හැසිරීමක් පිළිබඳව අපට වාර්තා වෙනවා. ඒ නයනා කුමාරි ගැනයි.

බොහෝ විට මාධ්‍යවේදීන් සහ කලාකරුවන් අතර ඇත්තේ ඉතා සමීප සම්බඳතාවයක්. ඒ නිසාම ඉතා ප්‍රවීණ නළුනිළියන්ට පවා මාධ්‍ය වේදීන් කතා කරන්නේ සහෝදරත්වයෙන්. ඒත් නයනා කුමාරිනම් "අක්කා" කියල කතා කරනවට කැමති නැහැ කියලයි අපට දැනගන්නට ලැබුනේ. දිනක් එක් මාධ්‍යවේදිනියක් අක්කේ කියල කතා කලාම "ඔයා කොහොමද මට අක්කේ කියල කතාකරන්නෙ" කියලා අහපු බවකුයි වාර්තා වෙන්නේ.


වෙනස් වීම හොඳ වුවත් මෙලෙස නැති වැදගත් කම් ආරෝපනය කරගන්නට ගොස් මාධ්‍යවේදීන්ගේ සහයෝගය නැතිව ඇයට කොපමන දුරක් යා හැකිද යන්න මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වී තිබෙනවා.








Source: http://www.gossip9.com/2012/04/blog-post_9248.html#ixzz1s3Nuivp2