Pages

Monday, April 9, 2012

තරඟයේ වීරයා නාමල්


ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායම හා යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම අතර පසුගිය සිකුරාදා දින මහරගම තරුණසේවා සභා ක්‍රීඩාංගනයේදී සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟයක් පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ ප්‍රකට හින්දි නළු විවේක ඔබරෝයි වීම විශේෂත්වයක් වුවා.

පන්දුවාර 15 කට සීමා වෙමින් මහරගම තරුණ සේවා සභා පිටියේදී පැවැති අදාළ තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඩයලස්‌ අලහප්පේරුම මහතාගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තු කණ්‌ඩායම සියලුදෙනා දැවී ලකුණු 134 ක්‌ රැස්‌ කර ගත් අතර ඊට පිළිතුරු ලෙස යොවුන් පාර්ලිමේන්තු කණ්‌ඩායම රැස්‌ කරන ලද්දේ සියලුදෙනා දැවී ලකුණු 117 ක්‌ පමණි.


ඒ අනුව ලකුණු 17 ක තියුණු ජයක්‌ වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්‌ඩායම සමත්වූවේය.

පාර්ලිමේන්තු කණ්‌ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල නාමල් රාජපක්‍ෂ පිත්තෙන් ලකුණු 59 ක්‌ සහ පන්දු යවමින් ලකුණු 26 කට කඩුලු 3 ක්‌ දවා ගනිමින් කණ්‌ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීම හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ඔහුට හිමි විය.


ලකුණු සාරාංශය 

පාර්ලිමේන්තු කණ්‌ඩායම 134 යි
(නාමල් රාජපක්‍ෂ 59, මහින්දානන්ද අලුත්ගමගේ 18, ඩිලාන් පෙරේරා 16, ප්‍රේමලාල් ජයසේකර 13, ශිහාන් ධම්මික 15/2, එරංග 13/1)

යොවුන් පාර්ලිමේන්තු කණ්‌ඩායම 117 යි

(සඳරුවන් ජයසුන්දර 31, ගයාල් 17, සුධීර 21, විමල් වීරවංශ 40/2, නාමල් රාජපක්‍ෂ 26/3, මහින්දානන්ද අලුත්ගමගේ 08/3)








Source: http://www.gossip9.com/2012/04/blog-post_4269.html#ixzz1rXUnsVG5