Pages

Tuesday, May 8, 2012

ප්‍රංශ ජනාධිපති තරඟයෙන් ෆොන්සුවා හොලොන්ඩ් ජය ගනී


ප්‍රංශයේ අද පැවති ජනධිපති තරංගයේ දෙවන වටයෙන් හිටපු ජනාධිපති නිකොලා සර්කොසි පරාජයට පත් කරමින් වමේ අපේක්ෂක ෆොන්සුවා හොලොන්ඩ් ජය ගත්තේය.
ජනතාවගේ පහසුකම් සීමා කිරීම, සහ විශාල ලෙස ජනතාව මතට බර පැටවීම හේතුවෙන් ජනතාව අතර අප්‍රසාදයකට පත්ව සිටි නිකොලා සර්කොසි 2007 දී තම පක්ෂයේම දෙවරක් ජනාධිපතිව සිටි ජැක් ශිරාක්ගෙන් පසු ජනාධිපති අපේක්ෂකත්වය ලබා තම ප්‍රථම ධූර කාලයෙන්ම ජනාධිපති කමෙන් ඉවත් කිරීමට ප්‍රංශ ජනතාව ගත් තීරණය අපටද සපයන්නේ ආදර්ශයකි.
ජනතා සේවයටයැයි කියමින් බලයට පැමිණි පසු ජනතාව ගනන් නොගන්නා ජනාධිපතිවරුන්ට ප්‍රංශයෙන් සපයන්නේ හොඳ උදාහරණයකි.
බලය ඇත්තේ තමන් අත බව ලොවට ප්‍රකාශ කළ ප්‍රංශ ජනතාවගෙන් වත් පාඩමක් ඉගෙන ගැනීමට ලාංකිකයන්ට කාලය පැමින ඇත.
කල යුත්තේ නිසි මග පෙන්වීම පමණි. එකම් පක්ෂයේ අය කුලල් කා නොගෙන ජනතාවට නියම නායකත්වයක් දුනහොත් පාලනය වෙනස් කිරීමට ජනතාව ඒකරාශී වන බව අපගේ විරුද්ධ පක්ෂයේ නායකයින්ද සිහි තබා ගතහොත් සුන්දර ශ්‍රී ලංකාවක සිහිනය වැඩි ඈතක නොවේ.

Source - lankanewsweb.com