Pages

Friday, May 18, 2012

මූල්‍ය සමාගම් ගණනාවක් අවදානමේ !


ශී‍්‍ර ලංකා මහ බැංකුව පසුගිය වසරේදී ප‍්‍රකට මූල්‍ය සමාගම් 03 ක බලපත‍්‍ර අහෝසි කර ඇති අතර, තවත් 05 ක් පීඩාවට පත් සමාගම් වශයෙන් හඳුනාගෙන ඇත. ලංකා ඔරෙක්ස් ලීසිං කම්පැනි, පී.එල්.සී, කළුතොට ඉන්වෙස්ට්මන්ට් ඇන්ඞ් ලීසිං ලිමිටඞ් සහ සෙලින්කෝ ලීසිං කෝපරේටඞ් ලිමිටඞ් යන ප‍්‍රකට මූල්‍ය සමාගම් කෙරෙහි බලපත‍්‍ර අහෝසි කර ඇති අතර, පීඩාවට පත් මූල්‍ය සමාගම් මොනවාද යන්න හෙළි කර නැත.
මේ අතර තවත් මූල්‍ය සමාගම් 07 ක ව්‍යාපාරික නාම වෙනස් කර ඇත. ව්‍යාපාරික ලෝකයේ නම් වෙනස් කරනු ලබන්නේ වැඩි ව්‍යාපාරික ඉලක්ක දිනා ගැනීම හෝ බිඳ වැටීමේ අවදානමක් මග හරවා ගැනීමටය.
සෙලින්කේ සමූහ ව්‍යාපාරයට අයත්ව තිබූ සෙලින්කෝ ඩිවලොප්මන්ට් බෑන්ක් යන්න සිටිසන්ස් ඩිවලොප්මන්ට් බෑන්ක් කම්පැනි ලිමිටඞ් යනුවෙන් තම ව්‍යාපාරික නාමය වෙනස් කරනු ලැබුවේ සෙලින්කෝ ව්‍යාපාර සමූහය මූල්‍ය අර්බුදයකට මුහුණ දුන් සමයේදීය.
වසර අවසන් වන විට පැවැති ලියාපදිංචි මූල්‍ය සමාගම් ගණන 39 ක් වී තිබේ.

Source - lankanewsweb.com