Pages

Friday, July 27, 2012

අළුත්ම ඉසෙඩ් ස්කෝර් එක !


අගනුවරට ආසන්න බාලිකා විදුහලක සිසුවියක වූ ඇය පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටියාය. පසුගියදා සංශෝධිත ප‍්‍රතිඵල ලේඛනයේ ඉසෙඞ් අගය බලාගැනීමට පාසලට යන බව කියා අයියාගේ යතුරු පැදියෙන් ඔහුත් සමග ගිය ඇය සවස් වරුවේ ගෙදරට ආවේ අඬාගෙනය.
”ඇයි දුවේ ස්කෝර් එක අඩුවෙලාද?” මව ඇසුවාය.
”නෑ” ඇය කීවේ කෝපයෙනි. ”එහෙනම්?” මව ඇසුවත් ඇය කිසිවක් නොකීවාය.

සන්ධ්‍යාවේ කාර්යාලයේ වැඩ ඇරී ගෙදර ආ අයියා කීවේ අපූරු කතාවකි.
”මම එයා ඉස්කෝලෙ ළඟ බස්සලා ඔෆිස් එකට ගියා. ටික වෙලාවකට පස්සෙ යාළුවෙක් කෝල් එකක් දුන්නා. නංගී මොරටුවැල්ලෙ කොල්ලෙක් එක්ක රවුම් ගහනව කියල. ගියාම කාරනේ ඇත්ත. මම ඇහුව ඔයාගෙ ”අලූත් ස්කෝර් එක” මේකද කියලා නංගි අඬාගෙන පැන දිව්වා. මම කොල්ලට හොඳවයින් දෙකක් තුනක් කිව්වා” පුතා කී විට අම්මාට දෙවියන් සිහිවුණාලූ.



Source - http://www.lankadeepa.lk/index.php/articles/55402