Pages

Friday, November 9, 2012

බන්ධනාගාරය කැළබෙයි රැදවියන් ආයුධ ගබඩා‍ව කඩා හතර අතට වෙඩි තබයි




වැලිකඩ බන්ධනාගාර පාලනය මේ වනවිට මුලුමනින්ම බන්ධනාගාර රැදවියන් අතට පත්ව තිබෙන බවත් රැදවියන් බන්ධනාගාරයේ වහලය මතට නැග කලබලකාරීව හැසිරෙන බවත් වාර්තා වේ. ඇතැම් රැදවියන් අත අවි ආයුධ තිබෙන බවත් මේවා අතැතිව ඔවුන් බන්ධනාගාරය අවට කලබලකාරීව හැසිරෙන බවත් වාර්තා වේ. මෙම කලබලකාරී තත්ත්වය හේතුවෙන් දෙමටගොඩ මංසන්ධියේ සිට බොරැල්ල හංදිය දක්වා පාර වසා ඇත. මේ වන විට යුධ හමුදාව සීරුවෙන් තබා තිබේ.
මෙම කලබලකාරී තත්ත්වය හේතුවෙන් දෙමටගොඩ මංසන්ධියේ සිට බොරැල්ල හංදිය දක්වා පාර වසා ඇත. මේ වන විට යුධ හමුදාව සීරුවෙන් තබා තිබේ.

බන්ධනාගාර ගේට්ටුව කඩා දමා ඇති රැදවියන් ආයුධ ගබඩාවද කඩා ඇති බව සඳහන් වේ. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ රැදවියන් අතට ටී.56 වැනි අවි පත්ව තිබෙන බවත් එම රැදවියන් ඒවායින් හතර අතට වෙඩි තබන බවත් වාර්තා වේ.මේ අතර එක් රැදවියෙක් සහ බන්ධනාගාර නිළධාරියෙක් රෝහල් ගත කළේ මීට පෙරාතුවය.මේ කලහකාරී බව ආරම්භවී තිබෙන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය අද(09)පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වට‍කොට දැවැන්ත සෝදිසියක් ආරම්භ කිරීමෙන් අනතුරුව විශේෂ කාර්ය බලකාය පිටත්ව ගිය පසුවය.

පොලිස් නිල සුනඛයින් ද බෝම්බ සොයන උපකරණද සමඟ බන්ධනාගාරය වටලනු ලැබූ එම කණ්ඩායමේ පන්සියයක් පමණ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් සිටි අතර රැදවියන් පරීක්ෂාව සිදුකරන අතරතුරද ඒ සදහා යම් විරෝධයක් රැදවියන්ගෙන් එල්ල වී තිබෙන අතර රැදවියන් කෑකෝ ගසන්නටත් යම් යම් කලබල කිරීම් කරන්නටත් පටන්ගෙන තිබිණි .

- ගයාන් කුමාර වීරසිංහ