Pages

Friday, November 9, 2012

වැලිකඩ සිරගෙදර සිරකරුවන් පිරිසක් මරුට?

තුවාල ලැබූ 25ක් රෝහලේ !



Update - 8.52pm

වෙඩි ප්‍රහාර , කඳුළු ගෑස් මැද්දේ වැලිකඩ බන්ධනාගාරයෙන් පැන යන්නට තැත් කළ සිරකරුවන් පිරිසකට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඇත. මෙම වෙඩි ප්‍රහාරවලින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි. වෙඩි වැදීමෙන් හා වෙනත් ප්‍රහාර වලින් තුවාල ලැබූ 25ක් ජාතික රෝහල් හදිසි අණතුරු ඒකකයට ඇතුල් කොට තිබේ.මීට විශේෂ කාර්ය බලකා සෙබලු 08ක් ජේලර් වරුන් 01ක් සහ රැදවියන් පිරිසක් අයත් බව වාර්තා වේ.


බන්ධනාගාරයෙන් පැන ත්‍රීවීල් රථයකින් පැන යන්නට සැරසුන රැඳවියන් 07 දෙනෙකුට වෙඩි ප්‍රහාර එල්ල වී ඇත. බන්ධනාගාරය ඇතුළත වෙඩි වැදුන තිදෙනෙක් බරපතල තත්වයෙන් වැටී සිටින බවත් ඊට අමතරව වෙඩි වැදුන තවත් දස දෙනකු පමණ බන්ධනාගාරය තුළ තැනින් තැන වැටී ඇති බවත් නිල නොලත් ආරංචි මාර්ග පවසයි.මේ වනවිටත් නොකඩවා කඳුළු ගෑස් ප්‍රහාර බන්ධනාගාරය තුළට එල්ල වෙමින් තිබේ. බන්ධනාගාරයේ විදුලිය විසංධි කර ජල සැපයුමද අත්හිටුවා ඇත. එබැවින් ඇතුළත සිටින රැඳවියන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබෙන බවත් වාර්ථා වේ.