Pages

Sunday, December 30, 2012

චීනයේ සුපිරි වෙළඳසැලක මින්මැදුර පුපුරායාම - වීඩියෝ


චිනයේ දෙවන විශාලතම නගරයේ පිහිටි ෂැංහායි ඔරියන්ට් වෙළඳ සංකීර්ණයේ වූ විශාල මින්මැදුරක වීදුරුවක් පසුගියදා පුපුරා ගොස් තිබුණා.

ජලය සමඟ එළියට ආ මසුන් අතර මෝරුන් 3 දෙනෙකුද සිටි අතර අනතුරින් 16 දෙනෙකු පමණ තුවාල ලබා තිබූණා.

එම ටැංකියේ වීදුරුවේ ගනකම තිබී ඇත්තේ අඟල් 6කි. වීදුරුව බාල වර්ගයේ එකක් නිසා මෙම අනතුර සිදුවූ බවටයි විශ්වාස කරන්නේ.

ටැංකිය පුපුරා ගිය වීඩියෝව පහතින්.




























මේ ආකාරයේ වීදුරු වලින් වටවූ ජල ටැංකියක් සහිත ලෝකයේ විශාලතම මින්මැදුර පිහිටා තිබෙන්නේ ලෝකයේ විශාලතම සුපිරි වෙලඳ සංකීර්ණය වූ ඩුබායි හි පිහිටි ඩුබායි මෝල් වෙලඳ සංකීර්ණයේය.

ඩුබායි මෝල් මින්මැදුරේ ඇති ටැංකියේ ප්‍රමාණය මීටර් 51x20x11 වන අතර මීටර් 33x8 ප්‍රමාණයේ වීදුරුවකින්ද යුක්තය.

ජලජ ජීවීන් 33,000ක් වෙසෙන එහි මෝරුන් 400ක් ද සිටින අතර ඕනෑම අයෙකුට මුදල් ගෙවා එහි වෙන් කල කොටස් වල කිමිදීමටද හැකිය.

එහි ජායාරූප කිහිපයක් පහතින්.



















Source: http://www.gossip9.com/2012/12/blog-post_5638.html#ixzz2GULtLD1Y