Pages

Monday, January 21, 2013

සෞදි තානාපති ආපසු කැඳවූවායි ආණ්ඩුව කිව්වේ බොරුද ?

සවුදි අරාබියේ තානාපතිවරයාට විරුද්ධව චෝදනා එල්ල වූයේ වරක් දෙවරක් නොවේ.

සේවය කරන නිවසෙන් අතවරයට පත්ව පිහිට පතා තානාපති කාර්යාලයට එන බොහෝ කාන්තාවන් නැවත අතවරයට ලක් කරන්නෙත් ගණිකා සේවයේ යොදවන්නේත් සවුදි අරාබියේ තානාපති කාර්යාලය මඟිනි.


ලංකාවට පැමිණි බොහෝ ගෘහ සේවිකාවන් පසුගිය කාලයේ පවසා තිබුනේ ඇඳුම් ඉවත් කර පහර කෑමට ලක්වූ තුවාල කැලැල් පෙන්වීමට ඇත්තේද තානාපති කාර්යාලයේ පිරිමින්ට බවය.

මීට පෙර අප විසින් හෙළි කළ පරිදි W. M අයිරාංගනී ව දූෂණය කර තිබුනේ සවුදි අරාබියාවේ තානාපති අහමඩ් ජවාඩ්ගේ රියදුරුගේ සහෝදරයා විසිනි. නමුත් ඔහුට විරුද්ධව ගත ක්‍රියාමාර්ගයක් නැත.

සවුදි තානාපති කාර්යාලයේ නිළධාරීන්ගේ කෙළි බඩු බවට අසරණ ගෘහ සේවිකාවන් පත්වුවද කෙතරම් චෝදනා එල්ල වුවද අහමඩ් ජවාඩ් තවමත් සවුදියේය.

රිසානා නෆීක්ට මරණ දඬුවම ලබා‍දීම ‍හේතුවෙන් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා යළි මෙරටට කැඳවන බව පසුගිය කාලයේ රජය නිවේදනය කළද මේවන විටත් ඔහු සුපුරුදු පරිදි එරටේ තානාපති සේවයේ යෙදී සිටී.

ඔහු වෙනුවට වෙනත් අයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 




Source - http://www.gossip9.com/2013/01/blog-post_327.html