Pages

Tuesday, January 3, 2012

උසස් පෙළ විභාගයේ Z අගය නිර්නයකරනු ලැබුවේ ඉන්දීය විශේෂඥයන් පිරිසක්


උසස් පෙළ ප්‍රතිඵල අවුලට ජනධිපති උපදේශක සුනිමල් ප්‍රනාන්දු මහතා මුළුමනින්ම වගකිවයුතු බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී. එහෙත් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළහොත් ඛෙල්ල කැපී යන හෙයින් සියලූදෙනාගේ බැනුම් අසමින් නිහඩව සිටීමට තමාට සිදු වී ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.
පසුගිය දා පැවති උත්සවයකදී උසස් පෙළ ප්‍රතිඵල අවුල පිළිබඳව ඇමතිවරුන් කිපදෙනෙකු කළ විමසීමේදී ඇමතිවරයා ඒ බව සඳහන් කර තිබේ.

කුමාර මහත්තයාගේ බිරිඳ සහ දරුවන් අත්අඩංගුවට


ජනතා විමුක්ති පෙරමුණේ වාම ප්‍රවේශ කණ්ඩායමේ න්‍යායචාර්යවරයා වූ ප්‍රේම කුමාර ගුණරත්නම් නොහොත් කුමාර මහත්තයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ආරක්ෂක අංශ විසින් අද උදැසන කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.
එසේ අත් අඩංගුවට ගෙන ඇති කුමාර මහත්තයාගේ බිරිඳවන වෛද්‍ය චම්පා සෝමරත්න මහත්මිය ගෙන් හා දරුවන් දෙදෙනාගෙන් ආරක්ෂක අංශ මේ වනවිටත් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර සිටී.