Pages

Saturday, February 11, 2012

ආහාර ගැනීමට නොහැකිව දුක් විඳීමින් සිටි මුවාට ප්‍රතිකාර


"නැවතත් සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!" යනුවෙන් නම් කෙරුණු සටහනක් පසුගිය 4 වෙනිදා දින අප වෙබ් අඩවියේ පලවුවා.


එයින් අප හෙළි කළේ කටෙහි ඇති විශාල ගෙඩියක් නිසා ආහාර ගැනීමට නොහැකි දුක් විඳීමින් සිටින මුවෙකුගේ විස්තරයක් හා එම මුවා සිටින ස්ථානයේ සිතියමක්.

ත්‍රිකුණාමල "සංඝමිත්තා බෞද්ධ වන්දනා නැවතුම්පල" හි සිටි මෙම මුවා කෙතරම් දුක් විඳීද යත් මුව වසාගැනීමට වත් නොහැකිව අසරණ තත්ත්වයකට පත්වී සිටි බවයි එම පුවතින් කියවුනේ.