Pages

Wednesday, February 22, 2012

රෙඩ් බුල් ක්‍රිස් නැවතත් ලංකාවට


2009 වසරේදී කොළොඹ නගරයේ සිය BMW බයිසිකලයෙන් දස්කම් පෑ ක්‍රිස් නැවතත් මාර්තු මස පළමු වනදා යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගනය ඉදිරිපිටදිත් මාර්තු තුන් වනදා පස්වරු තුනට නෙලුම් පොකුණ මාවතෙත් පස්වරු 5ට ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදිත් බයිසිකල් සංදර්ශනයක් පැවැත්වීමට නියමිතයි.

2009 වසරේ පැවති සංදර්ශනයේදී ලංකාවේ ත්‍රි රෝද රථ රියදුරෙකු සමග පැමිණීම කාගේත් කතාබහට ලක්වුවා.මෙවරත් එවන් නැවුම් අත්දැකීමක් ගෙන ඒමට රෙඩ්බුල් විසින් සුදානම් වන බව වාර්තා වේ.

මෙවර 
පුර්ව ප්‍රචාරක පටය බලන්න පහතින්

ඩයලොග් වෙතින් අධිවේගී මාර්ගයට තාක්ෂණික සහය


ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා තාක්ෂණික සේවා සැපයීමට ඩයලොග් ඇක්සිටා සමාගම විසින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව ඇත.

එම සේවාව "ඩයලොග් බිස් කන්නෙක්ට්" ලෙස හදුන්වා දී ඇත.ඒ අනුව මධ්‍යගත පරිගණක සර්වරයක් ඩයලොග් විසින් ස්ථාපිත කර ඇති අතර එය සමග අධිව්වේගී මාර්ගයේ සියලුම ඇතුලත්වීමේ පිටවීමේ ස්ථාන වල ඇති ටිකට් යන්ත්‍ර සමග සම්බන්ධකොට ඇත.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියට එම ටිකට් යන්ත්‍ර ඔස්සේ මධ්‍යගත සර්වරයට mobile Access Point නෙට්වර්ක් තාක්ෂනය ඔස්සේ සම්බන්ධ වී සපයන දත්ත බලාගැනීමේ හැකියාව ඇත.

Real time basis ක්‍රමය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියට අධිවේගී මාර්ගයට ඇතුලත් වූ වාහන සංඛ්‍යාව, වාහනයේ ලියාපදිංචි අංකය,ජනනය කරනු ලැබූ ආදායම දැනගත හැකයි.



මර්වින් සිල්වා "දෑ ප්‍රේමී ජනරංජන" ගෞරව නාමයෙන් පිදුම් ලබයි


මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා අමාත්‍යවරයාට මෙතෙක් කලක් තිබුනේ ආචාර්ය උපාධියක් හා ගෞරව නාම 2කි. ඒවා පිළිබඳව ගොසිප්9 විසින් මීට පෙර හෙළි කර තිබූ අතර ඊයේ දිනයේ ඔහු තවත් ගෞරව නාමයකින් පිදුම් ලබා තිබෙනවා. 

ඒ අනුව ආචාර්ය උපාධියට අමතරව
"බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු"
"ශ්‍රී රෝහණ වීර වික්‍රම"
"දෑ ප්‍රේමී ජනරංජන" යන ගෞරව නාම මර්වින් සිල්වා සතුයි.

මුලින්ම මර්වින් සිල්වා අමාත්‍යවරයාට ආචාර්ය පදවියක් තිබුනත් එය ලැබුනේ කෙසේදැයි කිසි කෙනෙකු දැන සිටියේ නැහැ. මාධ්‍යයට රහසක්ව තිබුණු එය අමාත්‍යවරයා විසින් හෙළිකර තිබුනේ මෙසේය.