Pages

Friday, March 23, 2012

රාජපක්ෂ දුර්දාන්ත පාලනයට එරෙහි පළමු වෙඩි මුරය ජිනීවාහිදී එල්ල වේ!


ඊයේ (22) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවති ඡන්ද විමසීමේදී එක්සත් ජනපදයේ යෝජනාවට ඡන්ද 24ක්ද ඊට විරුද්ධව ඡන්ද 15ක්ද ලැබීමෙන් ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳව අන්තර් ජාතික බැඳීමකට ශ්‍රී ලංකා රජය නතු වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම යෝජනාව ඉල්ලා සිටින පරිදි උගත් පාඩම් කොමිසමේ නිර්දේශයන් වන ස්වාධීන පොලිස් කොමිසමක් පත් කිරීම, ස්වාධීන මහජන සේවා කොමිසමක් පත් කිරීම, අතුරුදහන්වීම් පිළිබඳ සොයා බැලීමට විශේෂ කොමසාරිස්වරයකු පත් කිරීම, දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් සැපයීම පිළිබඳ දේශපාලන එකඟතාවයක් ගොඩනගා ගැනීම, උතුරුකරය නිර්-මිල්ටරිකරණය කිරීම, පොලිස් සේවාව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කිරීම යන ආදී යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් රාජපක්ෂ පාලනයට මරණී තත්ත්වයක් ඇතිවන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.