Pages

Tuesday, October 23, 2012

ජුලියා ගිලර්ඩ් නැවතත් ඇද වැටෙයි


ඕස්ට්‍රේලියාවේ අගමැතිනිය වන ජුලියා ගිලර්ඩ් පසුගියදා ඇද වැටී තිබුණා.

දින තුනක ඉන්දියාවේ කල සංචාරයේ අවසන් දිනය වූ 17 
දා ඇය ඇද වැටී තිබුනේ ගාන්ධි සමාරකය නැරඹීමට ගොස් තිබූ අවස්ථාවේ.

එහිදී කුඩා පඩියක් බැසීමේදී පය පැකිලී තණ කොල මත ඇය ඇදවැටී තිබුනේ ඇය අඩි උස පාවහන් පැළඳ සිටීම නිසාය.

එම වීඩියෝව පහතින්.





මීට පෙර පසුගිය ජනවාරි මාසයේ ඕස්ට්‍රේලීයාවේ ජාතික දිනය දා ඇය කතාවක් පවත්වමින් සිටින අතරතුරේ එම ස්ථානයට හදිසියේ පැමිණි කලහකාරීන් පිරිසකගෙන් බේරීමට ජුලියා දිවයන අවස්ථාවේද මීට පෙර ඇදවැටී තිබුණා.

එම අවස්ථාවේ ශරීර ආරක්ෂකයන් ඇයව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට පිටත් කර හැර තිබූ අතර එහිදී ගත් ජායාරූප හා වීඩියෝ පහතින්