Pages

Saturday, December 8, 2012

අගවිනිසුරුවරිය චෝදනා 3කට වරදකරු කරයි

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව රජය විසින් ගොණුකොට තිබූ චෝදනා 14න් 3කට ඇය වැරදිකාරිය වී ඇති බව එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා අද පැවසුවා.

ගොණු කොට තිබූ චෝදනා 14න් 1, 4, 5 යන චෝදනාවන්ට පූර්ණ වශයෙන් වැරදිකාරිය බවත් 2 සහ 3 චෝදනාවන් අර්ධ ලෙස ඔප්පු වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. (චෝදනා 14 මෙතනින්)

විමර්ශනයට ලක් කර ඇත්තේ චෝදනා 5 ක් පමණක් බවත් 5 න් 3කට වැරදි කාරිය බැවින් අගවිනිසුරුධූරයෙන් ඉවත් කිරීමට එක් චෝදනාවක් හෝ ඔප්පු වීම ප‍්‍රමාණවත් බැවින් අනෙක්වා විභාගයට නොගත් බවයි නිමල් සිරිපාල ද සිල්වා පවසා තිබෙන්නේ.