Pages

Tuesday, December 20, 2011

මාධ්‍යවේදීන්ට පරිගණක ලබා දීමට වෙන් කළ මිලියන 50ක් ආපසු යවලා


මාධ්‍යවේදීන්ට 'ලැප්ටොප්' පරිගණක ලබාදී සඳහා 2011 අයවැයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට වෙන් කර තිබූ රුපියල් මිලියන 50කට වැඩි මුදලක් මේ දක්වා එම කාර්යකට යොදා නොතිබීම නිසා යළි මහාභාණ්ඩාගාරවෙත යැවීමට සිදු වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
2011 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ, ජනමාධ්‍යවේදීන්ට පරිගණක ලබාදීම සඳහා එම අයවැයෙන් රුපියල් මිලියන 50ක් වෙන් කර ඇති බවයි.
එහෙත් එම මුදල වෙනත් ව්‍යාපෘතියක් වෙනුවෙන් වැයකිරීමට පිඹුරු පත් සකසමින් සිටි අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.පී. ගනේගල මහතාට 2011 මුදල් වර්ෂය තුළ ඒ කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ගත නොහැකි වී තිබේ.
මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරයා විසින් 2011 වසරට වෙන් කළ එම මුදල, මෙම මුදල් වර්ෂය අවසන් වී ඇති හෙයින් යළි හරවා යැවීමට සිදු වී ඇති බවත් මෙය මාධ්‍යවේදීන්ට වූ බලවත් අසාධාරණයක් බවත් අප වෙත තොරතුරු ලබාදුන් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.