Pages

Tuesday, December 27, 2011

AL නව ප්‍රතිඵල නිකුත් වෙයි.


මේ වනවිට 2011 උසස්පෙළ ප්‍රතිපලයන්හි දෝෂ සහිත දිස්ත්‍රීක් කුසලතාවය හා දිවයින් කුසලාතාවය ශ්‍රේණිගත කිරීම මේ වනවිට සංශෝධනය කර අන්තර්ජාලයට මුදාහැර ඇත.එම ප්‍රතිඵල doenets.lk ඔස්සේ දැන් ලබාගත හැකිය.

නමුත් පැරණි ප්‍රතිපලය යටතේ වෙනත් විෂය ධාරාවන්ට අයත් ප්‍රතිඵල ලැබූ සිසුන්ගේ ගැටලුව මෙතෙක් විසඳි නැහැ.මෙවර ජීව විද්‍යාව විෂය ධාරාවෙන් උසස්පෙළ විභාගයට මුහුණ දුන් ප්‍රභාෂ් නිශ්ශංක සිසුවා හට ලැබී ඇත්තේ වාණිජ අංශයේ ප්‍රතිඵලයකි.

ඒ පිලිබඳ අදහස් දක්වන ප්‍රභාෂ් මධුශංක 

"මම ඉස්කෝලේ ගියේ කොළොඹ රාජකීය විද්‍යාලයට..ඉතින් මම ජීව විද්‍යාව අංශයෙන් තමා මේ පාර උසස්පෙළ හැදෑරුවේ..එත් අන්තිමේ රිසල්ට් එක එද්දී මගේ රිසල්ට් එක වෙලා තිබුනේ කොමස් රිසල්ට් එකක්..එකේ එකවුන්ට්ස්,බි එස් වගේ ඒවා තමා තිබුනේ..


කොහමටවත් ජීව විද්‍යාව කරපු කෙනෙක්ට මේ වගේ කොමර්ස් රිසල්ට් එකක් එනවා කියල විශ්වාස කරන්න බැහැ.මම දැනුවත්ව මගේ යාළුවෙකුටත් එහෙම වෙලා තියෙනවා..එයත් බයෝ කරපු කෙනෙක් එයාටත් කොමස් රිසල්ට් එකක් ඇවිත් තියෙන්නේ.."

ප්‍රභාෂ් මධුශංක සිසුවාගේ ප්‍රතිපල නව ප්‍රතිපල නිකුත් කිරීම යටතේ වත් වෙනස් වී නොමැති අයුරු 

ප්‍රභාෂ් අදහස් දක්වන වීඩියෝව 

අද (26) උදෑසන විභාග ප්‍රතිපල ගැටළු සහගත බව පෙන්වා දෙද්දී ඇතැමුන් එය විශ්වාසකිරීමට පවා මැලි විය.පහතින් දැක්වෙන්නේ අප උදෑසන පලකල ප්‍රතිපල නව ප්‍රතිපල යටතේ වෙනස් වූ අන්දමයි.




උසස්පෙළ ප්‍රතිඵල පිලිබඳ සැකසුනු අප වෙත ඒවා ඇති නිර්මාණ 






Read more: http://www.gossip9.com/2011/12/blog-post_2486.html#ixzz1hfPP5cFZ