Pages

Tuesday, December 6, 2011

ශ‍්‍රීපාදස්ථානය භාරකාර හිමියන් රක්‍ෂිත බන්ධනාගාරයට




ශ්‍රීපාදස්ථානයේ භාරකාර දම්පහල ශීලානන්ද නාහිමියන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් කර ඇතැයි වාර්තා වේ.




නාහිමියන් විසින් රුපියල් විසිතුන් ලක්ෂයක් පමණ මුදලක් වැය කොට ශ්‍රීපාද පද්මය ආවරණය කිරීමට වීදුරු දාගැබක් ඉදිකිරීමකට සිදු කල බව පැවසෙන මුදල් වංචාවක් සම්බන්ධයන් මෙම රිමාන්ඞ්ගත කිරීම සිදු කර තිබේ.
ශ්‍රීපාදස්ථානාධිපති ධුරය සඳහා පසුගිය 25 වැනි දා පැවති ඡන්ද විමසීමට ශීලානන්ද හිමියන් ඉදිරිපත් වූ නමුත්  වැඩි ඡන්ද 38 ලබා ගත් බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් ඉදිරියේ පරාජය විය.




Source : lankacnews.com