Pages

Saturday, December 24, 2011

එජාපයෙන් පිටත සටන කරු යටතට


එක්සත් ජාතික පක්ෂය යළි නිවැරදි මාවතට ගැනීමේ අරගලය කරු ජයසූරිය මහතාගේ නායකත්වය යටතේ ඉදිරියට ගෙන යෑමට සජිත් කණ්ඩායම තීරණය කර ඇති බව අප වෙත වාර්තාවේ.
සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වී බහුජන අරගලයකට ඉදිරිපත් වීමට අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා සජිත් කණ්ඩායමේ පිරිස මෙම තීරණය ගෙන ඇත.


සජිත් ප්‍රේමදාස මහතා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට පැමිණි එකඟත්වයක් මත පක්ෂ අභ්‍යන්තයේ සිට අරගල කිරීමේ මෙහෙයුම සජිත් ප්‍රේමදාස මහතා විසින් භාර ගෙන ඇති අතර, ගමින් ගමට යමින් පක්ෂ ක්‍රියාකාරී දැනුවත් කිරීමේ වගකීම කරු ජයසූරිය මහතා වෙත පැවරීමට තීරණය වූ බව සජිත් කණ්ඩායමේ ක්‍රියාකාරිකයකු අප වෙත පැවසීය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි සටන පෙරමුණු දෙකක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇති අතර ඒ පිළිබඳව වූ විශේෂ සාකච්ඡාවක් නත්තල් නිවාඩුවෙන් පසු පැවැත්වීමට නියම කරගෙන තිබේ.

Source : lankanewsweb.com