Pages

Tuesday, December 27, 2011

ගී‍්‍රස් යකා වෙනුවට මදන යකා - පුරුෂ ලිංගය කපාගෙන ගිහින්


ඉංගිරිය ප‍්‍රදේශවාසියෙකු නිවසේ තනියම සිටියදී පුරුෂ ලිංගය කපාගෙන යෑම නිසා මියගොස් ඇත. මේ පිළිබඳ පොලීසිය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.
2011.12.16 දින රාත‍්‍රී කාලයේදී ඉංගිරිය පොලිස් වසමේ අංක්කර 20 ප‍්‍රදේශයේදී, එම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු නිවසේ තනිවම රැඳී සිටීන අවස්ථාවේදී, ඔහුගේ පුරුෂ ලිංගය සහ වෘෂණ කෝෂ කපා දැමීමෙන් තුවාල ලබා හොරණ මූලික රෝහලටද. අනතුරුව කොළඹ ජාතික රෝහලටද පසුව නැවත කලූබෝවිල රෝහලටද මාරු කර එවීමෙන් පසුව 2011.12.26 දින මිය ගොස් ඇත. මරණකරු අක්කර 20, ඉංගිරිය පදිංචි වයස අවුරුදු 38 ක් වූ ගාල්ලගේ දොන් ජයන්ත පේ‍්‍රමරත්න නැමැත්තෙකි. සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නැත. ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.