Pages

Friday, December 30, 2011

‘තේන්’ සුළි කුණාටුව ඉන්දියාවට


Cyclone
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘තේන්’ සුළි කුණාටුව අද (30) උදෑසන ඉන්දියානු ‍ගොඩබිමට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව දිවයිනේ උතුරු මුහුදු ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය අඩුවී යාමක් අපේක්ෂා කෙරේ.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනට ප්‍රධාන වශයෙන් වියළි සහ සිසිල් කාලගුණ තත්ත්වයක් පවතින බවයි.

මේ අතර දිවයිනට උතුරු දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවේ.

බස්නාහිර ප්‍රදේශයේ දී සුළං වයඹ දෙසින් හමන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල දී සුළං බස්නාහිර හෝ නිරිත දෙසින් පවතී. වේගය පැයට කිලෝමීටර් 20 – 40 අතර වේ.

උතුරු මුහුදු ප්‍රදේශවල දී මෙම වේගය පැයට කිලෝමීටර් 60 – 70 පමණ දක්වා වැඩිවිය හැකිය.

උතුරු මුහුදු ප්‍රදේශය රළු වන බැවින් මෙම මුහුදු ප්‍රදේශය ආශ්‍රිත ව ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.