Pages

Saturday, December 24, 2011

අසිරිමත් නත්තල අද උදාවෙයි!


සමස්‌ත ලෝකයටම සාමයේ පණිවුඩය ගෙන ආ ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අද මැදියම් රාත්‍රි යෙන් උදා වෙයි.
සීතල මදනල දසත පුරා හමා යද්දී ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත ක්‍රිස්‌තු භක්‌තිකයෝ නත්තල මහත් උත්සවශ්‍රීයෙන් සමරන්නාහ. නත්තල උදාවීම නිමිත්තෙන් අද (24 දා) මැදියම් රැයේදී කොළඹ කොටහේනේ ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර, බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුර, පොල්වත්තේ ආසන දෙව්මැදුර, කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්‌ථානය, පිටකොටුවේ පිලිප්නේරි දේවස්‌ථානය ඇතුළු දිවයිනේ දේවස්‌ථාන රැසක රාත්‍රී නත්තල් දේව මෙහෙයන් පැවැත්වේ.



මේ හැර වතිකානුවේ ශාන්ත පීතර දේවස්‌ථානයේද නත්තල් දේව මෙහෙයන් පැවැත්වෙන අතර හෙට (25 දා) පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් නත්තල් දේව මෙහෙය ආරම්භ වේ. මෙය ලොව පුරා රූපවාහිනී සේවා මගින් විකාශය කෙරේ. මේ අතර අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප්‍ර්‍රධානත්වයෙන් අද (24 දා) රාත්‍රී ජාඇල තුඩැල්ලේ ශාන්ත මරියා දෙව්මැදුරේදී නත්තල් දේව මෙහෙය පැවැත්වේ.