Pages

Tuesday, December 27, 2011

පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් තරුණියකට අතවර


නාරාහේන්පිට බේස්ලයින් පාරේදී තරුණ පෙම් යුවලක් ගමන්ගත් මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමට යැයි පවසමින් එම මෝටර් රථයේ සිටි තරුණියට ලිංගික අඩත්තේට්ටම් කළ බව කියන පොලිස් නිලධාරීන් තිදෙනෙකු පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙම නිලධාරීන් විසින් ඔවුන් සන්තකයේ තිබූ මුදල් සහ ජගම දුරකතන ද සොරා ගෙන ඇතැයි පැවසේ.
පසුගිය 23 වැනිදා රාත‍්‍රියේ දී මෙම සිද්ධිය සිදුවී ඇති අතර නාරාහේන්පිට පොලීසියේ නිළධාරීන් තිදෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවද වාර්තා වේ.
මෙම යුවල විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ නියෝගයක් මත මෙම පරීක්ෂණය සිදු කෙරෙන බවද පැවසේ.