Pages

Thursday, December 22, 2011

දුමින්දගේ හිසට එල්ල වූ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයේ එක්ස්-රේ ඡායාරූප


මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර  දුමින්ද සිල්වා මහතාට ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සිදුකළ බරපතල ශල්‍යකර්මය දැක්වෙන ඡායාරූප කිහිපයක් මේවනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

මන්ති‍්‍ර  දුමින්ද සිල්වා මහතාගේ සොයුරු රෙනෝ ද සිල්වා මහතාට අයත් abc මාධ්‍ය ආයතනය විසින්මෙම ජායාරුප  ප්‍රකාශයට පත්කරඇත.මන්ති‍්‍රවරයාගේ හිසෙහි බරපතල ශල්‍යකර්මය සිදු කරද්දී ගත් ඡායාරූප සහ හිසට එල්ලවූ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයේදී උණ්ඩ හිසට ඇතුලූ වූ සහ පිට වූ ආකාරය දැක්වෙන එක්ස්-රේ ඡායාරූප ද ඊට ඇතුළත්වේ.මේ අතර, මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී අගතියටපත්වූයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා බව අවධාරණය කරමින්  ජනාධිපති නීතිඥහේමන්ත වර්ණකුලසුරිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් ද එම මාධ්‍ය ජාලය විසින්ප්‍රකාශයට පත්කර ඇත.