Pages

Monday, January 9, 2012

අනුරාධපුරයට තරුණ උද්‍යාන 06ක්


garden srilanka
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා ප‍්‍රමාණයේ තරුණ උද්‍යාන 06ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කොට ඇති බව ජාතික තරුණ සේවා සභාවේ අනුරාධපුර දිස්ත‍්‍රික් කාර්යාලය සඳහන් කරයි.

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සංකල්පයක් මත 'දැයට කිරුළ' වැඩ සටහනට සමගාමී ව ඉදිකෙරෙන මෙම එක් උද්‍යානයක් වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 36ක පමණ මුදලක් වැය කෙරේ.




මිහින්තලය, විලච්චිය, නැගෙනහිර අනුරාධපුර, තලාව, ගල්කුලම හා කැකිරාව ප‍්‍රදේශවල ඉදිකිරීමට සැලසුම් කැර ඇති මෙම උද්‍යානවල ඉදිකිරීම් ලබන පෙබරවාරි 04ට ප‍්‍රථම අවසන් කිරීමට නියමිතය.

යූත් මිනි පාර්ක් ලෙස නම් කර ඇති මෙම උද්‍යාන ආපන ශාලාවක් හා වැසිකිළි-කැසිකිළි පහසුකම් මෙන් ම ආසන පහසුකම්වලින් ද සමන්විත වන බව ජාතික තරුණ සේවා සභාවේ අනුරාධපුර දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්ෂ එම්.බී. ගුණසේන මහතා පවසයි.

තරුණ තරුණියන්ට නිදහසේ කතාබහ කිරීමට ආරක්ෂිත පරිසරයක දී අවස්ථාවක් ලබා දීමේ අරමුණින් මෙම උද්‍යාන ඉදිකෙරේ.



Source : news.lk