Pages

Monday, January 30, 2012

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා ABC මාධ්‍යජාලය හැසිරවීමේ වෑයමක්


වෙඩිවැදී බරපතල තුවාල ලබා දැනට සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ සොයුරු රේනර් ද සිල්වා මහතාට අයත් ABC මාධ්‍යජාලය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා මෙල්ලකිරීමේ වෑයමක් පිළිබදව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත වාර්තා කරයි.

එකී වෑයම වන්නේ ABC මාධ්‍යජාලය විසින් දුමින්ද සිල්වා මහතාගේ බලපුලූවම්කාරකම් මත දිගින් දිගටම ගෙවීම පැහැරහරමින් තිබූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මිලියන 300ක පමණ බදු මුදල් වහාම අයකරගැනීම සඳහා ඉක්මන් සහ විදිමත් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස දේශීය ආදායම් කොමසාරිස්වරයාට ඉහළින් බලපැම් එල්ලවීමයි.

දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් මෙම බදුමුදල් වහා ගෙවන ලෙසට ABC මාධ්‍යජාලය වෙත මේ වනවිටත් වාචිකව දැනුම්දී ඇති අතර එම විධානයේ ලිඛිත සැලකිරීම මෙම සතියේ ලියාපදිංචි තැපෑල මගින් දන්වා යැවීමට නියමිතය.

රජයේ මෙම ක‍්‍රියාව පිළිබදව වික්ෂිප්ත වී සිටින රේනර් ද සිල්වා මහතා ABC මාධ්‍යජාලයේ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ රාජපක්‍ෂ රෙජිමයේ කොන්ඩම් තියරියේ අලූත්ම ගොදුර තමන් බවයි. නමුත් මේ පිළිබදව Lanka News Web සමග අදහස් දැක්වූ විපක්‍ෂ මන්ත‍්‍රිවරයෙකු පවසා සිටියේ මෙම මිලියන 300ක බදු මුදල කිසිදා අයකර නොගන්නා බවත්, එම පැහැර හැරීම ඉත්තෙකු කරගෙන රේනර් ද සිල්වාගෙන් දුමින්දගෙන් මෙන් වැඩගැනීමට රාජපක්‍ෂවරු සුදානම්වන බවයි.

Source - lankanewsweb.com