Pages

Tuesday, January 10, 2012

සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයට මර්වින්ට තද වේ


උගේ යුනිෆෝම් එක තියෙද්දී බැනපු එකෙක් මර්වින් සිල්වා 

මර්වින්ට එරෙහිව කැළණියෙන්ම කැරැල්ලක් හටගෙන ඇති බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.

ඊයේ දිනයේ (08) සරත් ෆොන්සේකා මහතා කැලණියේ ඇතිවූ මෙම කැරැල්ල පිලිබඳ දැක්වූ අදහසකට මර්වින් සිල්වා අමාත්‍යවරයා අද පිළිතුරු ලබා දුන්නේ මර්වින් සිල්වා වෙනුවෙන් පෙනීසිටි දක්ෂිණ ලංකා භික්ෂු සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකින් අනතුරුවයි.

08/01/2012 සරත් ෆොන්සේකා  


"කොළඹ කුඩු සිල්වා දිට්ඨධම්මවේදනීය කර්මය පල දීලා. කැලණිය කුඩු සිල්වාගේ බළලා මල්ලෙන් එළියට පැනලා. දැන් කන් කඩා වැටිලා. කැලණිය ප්‍රාදේශීය සභාවේ අයට දැන්වත් ඇත්ත තේරිච්ච එක ගැන මගේ ප්‍රණාමය. ජයවේවා"


09/01/2012 මර්වින් සිල්වා 
 
"ඊයේ සරත් ෆොන්සේකා මහත්තයා කිව්වනේ කැලණිය ප්‍රාදේශීය සභාවට ප්‍රණාමය පුදකරනවා කියලා.දැන් කුමන්ත්‍රණය එලි වෙලා ..උන් කියපු එකම කිව්වා..මම කැලණිය ප්‍රාදේශීය සභාවට මගේ ප්‍රණාමය පුදකරනවා කව්ද කියන්නේ දේශද්‍රෝහී සරත් ෆොන්සේකා.. ජාති ද්‍රෝහී සරත් ෆොන්සේකා.. 



ජනාධිපතිතුමා ඇතුළු පවුලේ උදවිය මරන්න හෝටලේ ඉඳන් ප්ලෑන් කරපු සරත් ෆොන්සේකා..
ඉතින් මේවා ඕගොල්ලෝ දාන්නේ නෑනේ.. දැන් කුමන්ත්‍රණය කොහෙද කියල පැහැදිලිනේ.. 

උගේ යුනිෆෝම් එක තියෙද්දී බැනපු එකෙක් මර්වින් සිල්වා..උගේ යුනිෆෝම් එක තියෙද්දී.කැලණියට ආපු වෙලාවේදී යුනිෆෝම් එකෙන් එලවගත්ත එකෙක් මර්වින් සිල්වා මම තාම නැගිට්ටේ නෑ.. හමුදාවේ යුනිෆෝම් එක තියෙද්දී...  ඉතින් මොකාටද මම බය?

එම වීඩියෝව හා මර්වින්ගේ තවත් කතා ඇතුලත් වීඩියෝව පහලින් බලන්න 





Source: http://www.gossip9.com/2012/01/blog-post_7896.html#ixzz1j0DRdCvu