Pages

Wednesday, January 11, 2012

මර්වින්ට එරෙහිවූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ඉවත් කිරීමට රහස් හමුවක්


මර්වින් හා කැලණිය ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරුන් අතර ඇතිවී තිබෙන ගැටුම පිලිබඳ දිගින් දිගටම අප ඔබට කරුණු හෙළිකර සිටියා.

මේ වනවිට කැළණි පුරවරය දෙපිලකට බෙදී සිටින්නේ මර්වින්ගේ පාර්ශවය හා ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරුන්ගේ පාර්ශවය ලෙසින්. 

මේ වනවිට අපට වාර්තා වන්නේ අද (10) සවස දෙකට පමණ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය තුල මර්වින්ට එරෙහි වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඉවත්කිරීමට රහස් හමුවක් පැවැත්වූ බවයි.

මෙම රහස් හමුවේදී පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්තුමාට ඒ සම්බන්ධව දැඩි බලපෑමක් එල්ලවී ඇති බවද අප වෙත වාර්තා වනවා.







Source: http://www.gossip9.com/2012/01/blog-post_9346.html#ixzz1j9ag5Ioz