Pages

Thursday, January 12, 2012

ලේක්හවුස් ‘ලාභ කතාව’ පට්ටපල් බොරුවක්


තම තනතුර ආරක්‍ෂා කරගැනීම සඳහා මේ වනවිට ලක්‍ෂ ගණනින් වියදම් කරමින් ප‍්‍රචාරයක මෙහෙයුමක් අරඹා ඇති ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා, ලේක්හවුස් ආයතනය ලාභලබන බවට කරන ප‍්‍රකාශ මුලූමනින්ම අසත්‍ය යැයි එම ආයතනයේ ශ‍්‍රී ල.නි.ප වෘත්තීය සමිති ප‍්‍රධානියෙකු අප වෙත පැවසීය.
මෙලෙස ලාබ පෙන්වා ඇත්තේ නිසි වියදම් යටගසා බවත්, එම ගිණුම් සෙල්ලමට දායක වූ තිදෙනාට වහාම ක‍්‍රියාත්මක වනපරිදි වැටුප් වර්ධක ලබාදීමට සභාපතිවරයා කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව ගිණුම් අංශයේ සේවය කරන නියොජ්‍ය කළමනාකාර (ගිණුම්) බොයිස්, ජ්‍යෙෂ්ඨ කළමණාකාර ධනසේන සහ කළමනාකාරීනි චතුරිකා යන අයට එසේ වැටුප් වර්ධක ලබාදී තිබේ.

තවද තමන්ට සේවකයින්ගේ කැමැත්ත ඇතැයි පෙන්වීමට සභාපතිවරයා කැලැන්ඩර දී අත්සන් ගැනීමේ මෙහෙයුමක්ද අරඹා ඇත. දළදා මාලිගාවේ ඡුායාරූප සහිතව විශාල වියදමක් දමා මුද්‍රණය කර ඇති එම කැළැන්ඩරය ලබාගැනීම සඳහා සේවකයින්ගේ අත්සන් ගැනීමට අංශ ප‍්‍රධානීන්නට නියෝග කර ඇති සභාපතිවරයා, එම අත්සන් තමන්ට සහාය පළකරන සේවකයින්ගේ අත්සන් යැයි ජනාධිපතිවරයාට පෙන්වීමට කටයුතු කරමින් සිටී.

සභාපතිවරයාගේ අත්තනෝමතික ක‍්‍රියාකළාපයට එරෙහිව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ වෘත්තීය සමිතිය ලේක්හවුස් ආයතනය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් ආරම්භ කිරීමට ඊයේ තීරණය කර තිබුණද ජනාධිපති කාර්්‍යාලයෙන් ලැබී තිබූ ඉල්ලීමක් මත එය කල්දමා තිබේ. කෙසේ වුවද බන්දුල පද්මකුමාර මහතාට එරෙහිව ඇති සියලූ සාක්‍ෂි හා කරුණු රැුගෙන අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්්‍යාලයට එන්නැයි, ජනාධිපති මාධ්‍ය අංශයේ ප‍්‍රධානියෙකු ලේක්හවුස් හි ශ‍්‍රී ල.නි.ප වෘත්තීය සමිති ප‍්‍රභලයින් දෙදෙනෙකුට දැනුම්දී ඇත.


Source : lankanewsweb.com