Pages

Saturday, January 7, 2012

ජනරාල් නිදහස් කරන බවට ජනපතිගෙන් සහතිකයක්


ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට තමා කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ කැබිනට් අමාත්‍යවරුන් කිපදෙනෙකුට දැනුම්දී තිබේ.
ෆොන්සේකා මහතා නිදහස් කිරීමට කටයුතු කරන්නේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංස මහතා ජනාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඒ බව සඳහන් කර ඇත.

ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා සමඟත් තමා සාකච්ඡා ගණනාවක් පැවැත්වූ බවත් ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කර තිබේ.
එහෙත් ෆොන්සේකා මහතාට පොදු සමාවක් ලබා දෙනුයේ කොන්දේසි මතද, කොන්දේසි විරහිතව ද යන්න කාරනය ජනාධිපතිවරයා පවසා නැත.
සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමෙන් පසු විපක්ෂයේ අර්බුදය තවත් උග්‍රවනු ඇතැයි ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ.



Source : lankanewsweb.com