Pages

Saturday, January 28, 2012

ගෝඨාගේ මුදල්, දිලිත් හරහා සංචාරක ව්‍යාපාරයකට


ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය කාලයේ උපයාගත් ධනස්කන්දයෙන් කොටසක් සංචාරක හෝටල් ව්‍යාපෘති සඳහා අයෝජනය කර තිබේ. එකී මුදල් ආයෝජනය කොට ඇත්තේ ඔහුගේ සමීපතම හිතවතෙකුවන කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සොහොයුරු, ඒබීසී මාධ්‍ය ජාලයේ හිමිකාර රේනෝද සිල්වා හරහාය.

ඒ අනුව දිලිත් ජයවීර මහතා සහ රේනෝද සිල්වා මහතා විසින් පසුගිය දා හික්කඩුවේ කාමර 600කින් යුත් Citrus Leisure ඛැසිමරු හෝටලය මිලදී ගෙන ඇත. එසේ ඔවුන් විසින් මිලදී ගනු ලැබූ හෝටලය විවෘත කරනු ලැබුවේ ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය.


මීට අමතරව නැගෙනහිර මුහුදු තීරයේ සුපිරි සංචාරක හෝටල් කිපයක් ඉදිකිරීමට ද ආරක්ෂක ලේකම්වරයා කටයුතු කරමින් සිටී. ඒ සඳහා ඔහුගේ ඉල්ලීම මත කල්පිටිය, පාසිකුඩා යන ප්‍රදේශවල අක්කර ගණනක රජයේ ඉඩම් කුණුකොල්ලයට ලබාදීමට රජය කටයුතු කර තිබේ. මෙම ඉඩම් මංකොල්ලය පිළිබඳව ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ද විරෝධය පලකර තිබිණ.
දිලිත් ජයවීර මහතා මීට අමතරව කොළඹ සුපිරි හෝටල් කිපයක්ද මිල දී ගෙන තිබේ. කොළඹ කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසා සුපිරි වෙළෙඳ සංකීර්ණයද දිලිත් ජයවීර මහතා විසින් මිලදී ගනු ලැබීය.


Source: lankanewsweb.com