Pages

Tuesday, January 31, 2012

දුමින්ද වෙනුවට රේනෝ දේශපාලනයට


පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා වෙනුවට ඔහුගේ සොයුරු රේනෝ ද සිල්වා දේශපාලනයට ගෙන ඒමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.
රේනෝ ද සිල්වා මහතා මේ සඳහා එකඟ කරවා ගැනීමට ජනාධිපතිවරයා නොයෙකුත් බලපැම් සිදුකර තිබේ. රේනෝ ද සිල්වා මහතා හිමිකාරිත්වය දරන ඒ.බී.සි මාධ්‍ය ජාලය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොගෙවා පැහැර හැර ඇති කෝටි ගණනක මුදල් වහාම අත්පත් කරගැනීම සඳහා ලිපි යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියාට දැනුම්දී ඇත්තේද ජනාධිපතිවරයා විසිනි.

මෙම තත්ත්වය යටතේ, ජනාධිපතිවරයාගේ යෝජනාවට රේනෝ ද සිල්වා මහතා එකඟත්වය පළකර තිබේ. ඔහුට කොලොන්නාව ආසනයේ ශ‍්‍රී ල.නි.ප සංවිධායක ධූරය ලබාදෙන බවට එකඟ වී ඇති ජනාධිපතිවරයා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කරන ලෙසද දැනුම්දී ඇත.

කෙසේ වුවද කොලොන්නාවේ වෙඩි හුවමාරුවේදි හිසට වෙඩි වැදී මරණීය තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා, විදේශගතව සිට අඛන්ඩව ප‍්‍රතිකාර ලැබූවද ඔහු යළි ප‍්‍රකෘති තත්ත්වයට පත් නොවන බව ජනාධිපතිවරයා වෙත වාර්තා වී තිබේ.

එම තත්ත්වය තුළ පසුගිය මහමැතිවරණයේදී සන්ධානය ලැයිස්තුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරග කොට පාර්ලිමේන්තුවට පත් නොවූ අපේක්ෂකයින් අතර සිටින හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ පුරප්පාඩුවූ මන්ත‍්‍රී ධූරය හිමිවනු ඇති බව ජනාධිපති ලේකම්කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවට තේරී පත්නොවු අපේක්ෂකයින් අතර වැඩිම මනාප සංඛ්‍යාව ලබාගෙන ඇත්තේ චන්දන කත‍්‍රිආරච්චි මහතා වුවද මේ වනවිට ඔහු මිනීමැරීමේ චෝදනාවකට වරදකරු වී ඇති බැවින් ඔහුව පාර්ලිමේන්තුවට පත්කිරීම නීත්‍යානුකූල නොවන බව ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශකයින්ගේ අදහස වී තිබේ.



Source - lankanewsweb.com