Pages

Thursday, January 19, 2012

බන්ධනාගාර සැකකරුවෙකු ඝාතනයට පැමිණි එස්ටීඑෆ් මැරයින් මාට්ටු


ඊයේ (18) දහවල් මීගමුව උසාවියට රැගෙන එමින් සිටි බන්ධනාගාර රැදවියෙකුට වෙඩි තැබීමට උත්සාහ කළ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු, බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකුගේ ක‍්‍රියාකාරිත්වය මත අත්අඩංගුවට පත් වී තිබේ.
බන්ධනාගාර රැදවියන් විසිදෙනෙකු එකිනෙකට දම්වැල්වලින් බැද, බන්ධනාගාරයේ සිට පයින් රැගෙන එමින් සිටියදී මාර්ගය අසල සිටි දෙදෙනෙකු බන්ධනාගාර රැදවියෙකුට වෙඩි තැබීමට උත්සාහ කර ඇත.
එහෙත් බන්ධනාගාර රැදවියන් සියලූ දෙනා එකවර මරහඬ දී ඇති අතර එයින් කලබලයට පත් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනා යතුරුපැදිවලින් පැමිණ සිටි තවත් දෙදෙනෙකු සමඟ පලා යෑමට උත්සාහ දරා ඇත.

ඒ අවස්ථාවේදී වහාම ක‍්‍රියාත්මක වී ඇති බන්ධනාගාර නිලධාරින් ආරියතිලක නැමත්තා සැකකරුවන් පසුපස හඹාගොස් දෙදෙනෙකු අල්ලාගෙන අධිකරණයට බාර දී ඇත.
අධිකරණය තුළ කළ විමසීම්වල දී හෙළිදරව් වී ඇත්තේ, බන්ධනාගාර සැකකරුවෙකු ඝාතනයට එසේ පැමිණි සන්නද්ධ පුද්ගලයන් සිව් දෙනා පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජකාරියේ නියුතු සෙබළුන් බවයි.
දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකුවන ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවන මධුෂ් නැමැත්තා ඝාතනය කිරීම මෙම විශේෂ බලකා සෙබළුන්ගේ ඉලක්කය වී තිබූ බවද අධිකරණයේදී හෙළිදරව් වී ඇත.
අනතුරුව වැඩි දුරටත් පරීක්ෂණ සිදු කිරීම සඳහා මෙම විශේෂකාර්ය බලකා සෙබළුන් පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් නියෝගකර ඇත.
කෙසේ වුවද ඊයේ පස්වරුවේ විශේෂ බලකා මූලස්ථානයෙන් පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සිද්ධියට අදාළ විශේෂ කාර්ය බලකා සෙබළුන් රැගෙන ගොස් තිබේ.


Source: lankanewsweb.com