Pages

Saturday, January 28, 2012

රිසානා බේරාගන්න ආණ්ඩුව උත්සාහ කළේ නැහැ - රංජන් රාමනායක


සෞදියේ රමණිය දණ්ඩනයට ලක්ව වසර හයකට වඩා සිරගත ජීවිතයක් ගතකරන රිසානා නෆික්ට මෙරට ආණ්ඩුව කිසිදු සාධාරණයක් සිදුකර නැතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පැවසීය.
රිසානා නෆික් නමැති 17 හැවිරිදි දැරිය 2005 දී ව්‍යාජ ලේඛන සකසා සෞදියේ ගෘහ සේවයට යැවීම සම්බන්ධයෙන් චුදිතයන් දෙදෙනකුට වසර දෙක බැගින් සිරද~ුවම් සහ රු. 60,000 බැගින් දඩයක් ගෙවීමට අධිකරණය දුන් තීන්දු අරබයා අප කළ විමසුමේදී රාමනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.


ජනාධිපතිවරයා සහ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා රිසානා බේරා ගැනීමට විශාල කැපකිරීමක් ගත් බවට පළ වූ පුවත් බොරු බවත්, එවැන්නක් සිදුවී නැතැයිද පැවසීය. මේ පිළිබඳව තමා පාර්ලිමේන්තුවේදී ඩිලාන් පෙරේරා ආමත්‍යවරයාගෙන් විමසු විට අදාළ නැති ප්‍රශ්නයක් යැයි මඟ හැරී බවද ඒ මොහොතේ ආණ්ඩුව රිසානා වෙනුවෙන් ව්‍යාජ උත්සාහයක් නොගෙන අවංක උත්සාහයක් ගත්තේ නම් මීට වඩා සහනයක් රිසානාට හිමිවන්නට තිබූ බව පැවසූ රාමනායක මහතා අදටත් එවැනි උත්සාහයක් ආණ්ඩුව නොගන්නා බවද කීය.
මෙම සිද්ධියේදී ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ 17 හැවිරිදි දැරිය රට යැවූ ඒජන්සිය වුවත් ද~ුවම් පමුණුවා ඇත්තේ අතරමැදියන්ටය. මෙයද නීති ක්ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්වී ඇත.
- රාවය