Pages
▼
පින්නවල අලි ඇතුන් මිතුරන් අතරේ පමණයි
පසුගිය වසර වනවිට පින්නවල අලිඅනාථාගාරයේ අලි ඇතුන් 12කගේ අයිතිය හිතවත්කම් මත පවරා දී ඇති බව පරිසර සංරක්ෂණභාරය ප‍්‍රකාශ කර සිටි. ජා-ඇල ප‍්‍රදේශයේ විනෝද මධ්‍යස්ථානයකද පින්නවල අලිඅනාථාගාරයෙන් රැගෙන ගිය අලියෙකු නීති විරෝධී අන්දමින් රඳවාගෙන සිටි. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළම නිධාරියෙකුට හා හම්බන්තොට දිස්ත‍්‍රික් නවක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ඇතුන් දෙදෙනකු ලබාදීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේග 2011.05.25 දරන ආන්දෝලනාත්මක ගැසට් පත‍්‍රිකාව පදනම් කරගනිමින් මෙසේ පින්නවල අලිඅනාථාගාරයේ සිටින අලිඇතුන් පෞද්ගලික අංශයට ලබාදිම ආරම්භ කර ඇත.