Pages

Saturday, January 28, 2012

පළාත් සභාවට යෝජනාවක් නෙළුම් පොකුණ මාවත එපා


ජාත්‍යන්තර කිර්තිධර ශ‍්‍රී ලාංකික කලාකරු ආනන්ද කුමාරස්වාමි මහතා සිහිවීම පිණිස නම්කර තිබු මාවත යළි ඒ නමින්ම නම් කළ යුතු බවට බස්නාහිර පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර එම යෝජනවා අදළ පළාත් පාලන ආයතනයට යොමුකිරීමට තීරණය කර ඇත. ජනාවාරි 17වැනිදා පැවති බස්නාහිර පළාත් සභා රැස්වීමේදී එජාප මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ මාවත, නෙළුම් පොකුණ මාවත යනුවෙන් නම් කිරීම එම මහා කලාකරුවාට පමණක් කරන ලද අගෞරවයක් පමණක් නොව මෙරට සුළු ජාතීන්ටද ලබා දුන් නරක සංඥාවක් බවයි. 

එම යෝජනවා ඉදිරිපත් කිරීමෙන් පසු බස්නාහිර පළාත් සභාවේ සභාපති සුසිල් විජේරත්න මහතා ප‍්‍රකාශ කර ඇත්තේ එම යෝජනාව අදාළ මාවත අයත් පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවට යොමු කරන බවයි. 

- රාවය