Pages

Sunday, January 15, 2012

දියණියගේ චරිතය බිලිදී, කෙහෙළිය ඇමතිකම රැකගනී


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජ්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දියණියවන චන්දුලා මෙනවියට සිදුකළ ලිංගික අතරවරය නොසලකා නිහඬව සිටීමට කෙහෙළිය ඇමතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය.
ජනාධිපතිවරයාගේ බලපෑම් මත එසේ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට කෙහෙළිය ඇමතිවරයා තීරණය කර තිබේ.

කෙහෙළිය ඇමතිවරයා පෙරේදා පෙරවරුවේ ජනාධිපතිවරයා හමු වී දෙපාමුල වැදවැටී තම දුක පවසා ඇත. ඔහුගේ හිස අතගා ඇති ජනාධිපතිවරයා මෙවැනි සිද්ධීන් වලදී හැඟීම්බර නොවී රට ගැන සිතා කටයුතු කරන ලෙස ඉල්ලා ඇත. මෙම ප්‍රශ්නය තවදුරටත් දුරදිග ගියහොත් එය ශවේන්ද්‍ර සිල්වාට පමණක් නොව රටටම කැලලක් කිරීමට එල්ටීටීඊ ඩයස්පෝරාව කටයුතු කරනු ඇතැයි ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.
කෙසේ වුවද ඇමතිවරයාගේ මෙන්ම දියණියගේ අනාගතයද තමා බාර ගන්නා බව පවසා ඇති ජනාධිපතිවරයා සිද්ධිය යටගිය පසු ශවේන්ද්‍ර සිල්වාට නිසි දඬුවමක් ලබා දෙන බව පවසමින් කෙහෙළිය ඇමැතිවරයාව සනසා තිබේ.