Pages

Tuesday, January 17, 2012

නාමල් රාජපක්ෂ පළමු නඩුවට පෙනී සිටියි


නාමල් රාජපක්‍ෂ මහතා නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසුව පසුගිය සතියේ ඔහු සිය පළමු නඩුව සඳහා පෙනී සිටියා. 

එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ග්‍රේරු මහතා පසුගිය අයවැයේදී රජයට පක්‌ෂව කතා කිරීම හා ඡන්දය ප්‍රකාශ කිරීම මත විනය විරෝධී ක්‍රියාවක්‌ සිදුකර ඇතැයි දන්වමින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් මොහාන්ලාල් ග්‍රේරු මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා.

එයට විරුද්ධව ග්‍රේරු විසින් උසාවි ගිය අතර නාමල් පෙනී සිටියේ එම නඩුවේ මොහාන් ලාල් ග්‍රේරුගේ පාර්ශවය වෙනුවෙනි. එම නඩුවට ඔහු පෙනී සිටියේ ෆයිසර් මුස්‌තාපා සමඟයි.

මෙම නඩුව 
ජය ගැනීමට වැඩි ඉඩකඩක් ඇති හෙයින් සිය පලවන නඩුව ලෙස නාමල් එය තෝරාගත් බව බොහෝ දෙනාගේ මතයයි



ඉන්පසුව නාමල් තවත් නඩුවකට පසුගියදා පෙනී සිටියා. එය හක්‌මන නඩුවයි. හක්‌මන ගම හා පොලිසිය අතර වූ හබයක්‌ මුල්කරගෙන ඇසෙන මෙම නඩුවේදී නාමල් පෙනී සිටියේ ගමේ තරුණයන්ගේ අයිතිවාසිකම් නියෝජනය කරමිනි.



Source: http://www.gossip9.com/2012/01/blog-post_8129.html#ixzz1jk1MQao0