Pages

Saturday, January 7, 2012

දළදා මාලිගයේ රුව සහිත ඔඩෙල් කාන්තා ටී ෂර්ට් උසාවියට


දළදා මාලිගයේ රුව සහිත කාන්තා ටී ෂර්ට් තොගයක් තරුණයන් පිරිසක් විසින් එකතුවී මිලදීගෙන පොලිසියට ඉදිරිපත්කොට ඇත.

මෙම කාන්තා ටී ෂර්ට් විකිනීමට තබා ඇත්තේ ලංකාවේ ප්‍රමුඛ පෙලේ රෙදිපිළි ආයතනයක් වන "ඔඩෙල්" වෙළඳසැලෙහිය.

මේ සම්බන්ධව අදාළ තරුණයන් විසින් මල්වතු මහ නාහිමියන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද දැනුවත් කර තිබේ.

නමුත් ඊයේ දිනයේදී පොලිසිය විසින් සිදුකලේ අදාළ ටී ෂර්ට් තොගය පමණක් උසාවියට ඉදිරිපත්කිරීමයි.

එහිදී මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශකර ඇත්තේ පොඩි ළමුන් මෙන් වැඩ නොකර බුදු දහමට අපහාසයක් වන මෙම ටී ෂර්ට් අලෙවි කිරීමට තිබු වෙළඳසැලේ හිමිකරුවන් උසාවියට නියම කරන ලෙසය.



Read more: http://www.gossip9.com/2012/01/blog-post_3909.html#ixzz1iiFM25RV